Thursday, February 19, 2026
Follow Us
ජනපති ස්කොට්ලන්තයට ලඟා වෙයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අද ආරම්භ වනවා. ඒ, ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හීදියි. නොවැම්බර් 12 දක්වා පැවැත්වෙන එම සමුළුවේ තේමාව වන්නේ “දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” යන්නයි. නොවැම්බර් 01 වනදා සහ 02 වනදා එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබෙනවා.

ඒ සඳහා සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කොට්ලන්තය වෙත ඊයේ ලගා වුණා. ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන 25,000 ක පමණ පිරිසක් එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව සඳහා සහභාගී වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

(Neth)