Thursday, February 19, 2026
Follow Us
රටට සහ ජනතාවට ඵලදායි අයවැයක් ඉදිරිපත් කිරීමට බැසිල් අපේක්ෂාවෙන්

රටට සහ ජනතාවට ඵළදායි අයවැයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය නොවැම්බර් 12වනදා සිට දෙසැම්බර් 10වනදා දක්වා පැවැත්වෙනවා. අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10වනදා පස්වරු 05ටයි.

(Neth)