අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සදහන් කළේ පාසැල් ආරම්භ කිරීම සදහා අවශ්‍ය, සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශ ලැබී ඇති බවයි. මේ වන විට විවෘතව ඇති පාසැල්වල තත්ත්වය තවදුරටත් අධ්‍යනය කරන බවද ලේකම්වරයා සඳහන් කළා.
ඒ අනුව දෛනිකව ඒ සම්බන්ධයෙන් විමර්ශණය කරන බවයි ඔහු කියා සිටියේ. එහි තත්ත්වය ද අධයනය කරමින් අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් නිළ තීරණයක් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සදහන් කළා.
අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ලබන සතියේ සිට ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය බලධාරීන්, අධ්‍යාපන බලධාරීන්ට මේ වන විටත් දැනුම්දී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නෙත් නිවුස් වෙත පැවසුවේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවයි.
කෙසේවෙතත් පන්ති ආරම්භ කරන දිනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
(Neth)