Thursday, February 19, 2026
Follow Us
මගීන්ට දුම්රියේ ගමන් කිරීමට අවසර

පළාත් සංචරණ සීමා හෙට (31) අලුයම 4ට අවසන්


මාස කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වූ පළාත් සංචරණ සීමා හෙට (31) අලුයම 4ට අවසන් කිරීමත් සමග අනිද්දා සිට පළාත් අතර බස් රථ මෙන්ම දුම්රියද ධාවනය කිරීමට නියමිතයි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ බස් රථ ධාවනයේදී ආසනගත මගීන් පමණක් රැගෙන යා යුතු බවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර, දුම්රිය ධාවනය සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළා.

එහිදී ඔහු කියා සිටියේ අනිද්දා (01) සිට සියලු මගීන්ට දුම්රියේ ගමන් කිරීමේ හැකියාව පවතින බවයි.

මීට පෙර දුම්රියෙන් ගමන් කිරීම සඳහා අවසර හිමිව තිබුණේ වාර ප්‍රවේශපත් හිමි මගීන්ට පමණයි.

(Aruna)