Thursday, February 19, 2026
Follow Us
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ඇරඹෙන දින

විශ්වවිද්‍යාල පළමු වසර සිසුන් ගැනත් විශේෂ තීරණයක්


අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතළ ලෙස අඩාල වී ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරමින් මෙලෙස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති ඇරඹීමට තීරණය කර තිබෙනවා.

අද (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව සඳහන් කළා.

ඒ අනුව ලබන සතියේ සිට එම අංශ ඇරඹිය හැකි බවට තීරණය වී තිබෙනවා.

එහෙත් එම පන්ති ආරම්භ කරන දිනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා තිබෙනවා.

ඒ අනුව ඒ පිළිබඳ විදුහල්පතිවරුන් දැනුවත් කර පාසල් ආරම්භ කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදී ඇත.

එමෙන්ම විශ්වවිද්‍යාල පළමු වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

(Aruna)