31 වැනිදා දක්වා සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මකයි
දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
අද(29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ පිළිබඳව සඳහන් කළා.
නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බවයි ජනාධිපතවරයා වැඩි දුරටත් කියා සිටියේ.
(Aruna)