Thursday, February 19, 2026
Follow Us
කොවිඩ් මර්දන කමිටුව රැස්වෙයි

පළාත් අතර බස් සහ දුම්රිය ධාවනය ගැන තීරණයක් ගන්න හදයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (29) රැස්වීමට නියමිතය.

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 31 වනදා අලුයම 04.00 සිට ඉවත් කිරීමට පසුගියදා පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී තීරණය කරනු ලැබීය.

සංචරණ සිමා ඉවත් කිරීමෙන් පසු පළාත් අතර බස්රථ ධාවනය සහ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් අද පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී තීරණයක් ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.

උපකාර පංති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී අවසාන තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

(Aruna)