Thursday, February 19, 2026
Follow Us
විවාහ මංගල උත්සව සීමාවල වෙනසක්

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්


නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවට අනුව යම් යම් සීමාවන්ට යටත්ව අද (26) සිට උත්සව පැවැත්වීමේදී සහභාගි කළ හැකි පිරිස සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව භෝජන ශාලාවල සිටිය හැකි පුද්ගලයින් ගණන එහි ධාරිතාවෙන් 1/3ක් හෝ උපරිම පුද්ගලයින් 75කට නොවැඩි විය යුතුය.

එමෙන්ම, එළිමහන් උත්සව සඳහා සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 100ක් දක්වා වැඩිකර ඇත.

මංගල උත්සව සඳහා එම ශාලාවේ ධාරිතාවෙන් 1/3ක් හෝ පිරිස 100 දෙනෙකුට නොවැඩි විය යුතු බව සඳහන් වෙයි.

එළිමහන් මංගල උත්සව සඳහා අමුත්තන් 150ක උපරිමයකට යටත්ව රැස්වීම සඳහා අවසර ලබාදී ඇත.

එහිදී මත්පැන් භාවිතා කිරීමට අවසර හිමි නොවන බව දැක්වේ.

එමෙන්ම නිල රැස්වීම් සඳහා අවසර හිමිවන්නේ එම රැස්වීම පවත්වන ශාලාවේ ධාරිතාවෙන් 1/3ක් හෝ උපරිම පිරිස 150කට නොවැඩි විය යුතුය.

එමෙන්ම රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබු නිරෝධායන සංචරණ සීමාවන් ද ඉවත්කර තිබේ.

(Aruna)