Thursday, February 19, 2026
Follow Us
ඉසෙඩ් ලකුණු නිකුත් කරන දිනය

කැම්පස් යන්න බලන් ඉන්න සිසුන්ට දැනුම් දීමක්


2020 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කිරීමට හැකි වනු ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කරයි.

2020/2021 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ප්‍රධාන විෂය ධාරා යටතේ දිස්ත්‍රික් මට්ටමින් අධ්‍යයන පාඨමාලාවලට තෝරා ගන්නා ප්‍රතිශත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පසුගියදා නිකුත් කරනු ලැබීය.

කොවිඩ් අවදානම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට පසුගිය කාලයේ නොහැකිවීම හේතුවෙන් ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද වී තිබේ.

(Aruna)