කාබනික පොහොර යොදා වගාකරන වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 80ක මිලක් ගෙවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූ බවත් තමන් එය නිල වශයෙන්ම ප්‍රකාශ කරන බවත් ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
"මම කිව්වා ජනාධිපතිතුමාට ඒ ජනතාවට මොකක්ද කියන්නෙ කියලා අහපුවාම, කිව්වා අඩුම ගාණෙ ඇමතිතුමා කිසීම ප්‍රශ්නයක් නැතුව කාබනික පොහොර වී කිලෝ එකට රුපියල් 80ක් දෙනවා කියලා කිව්වා. ඒක මම නිල වශයෙන් ප්‍රකාශ කරනවා. ඒකෙ කිසිම ගැටළුවක් වෙන්නෙ නෑ. යම්කිසි හානියක් වෙනවා නම් ඒකට සම්පූර්ණයෙන් රජය මැදිහත් වෙනවායි කිව්වා.
වතුර ගිලගන්න බැරුව ඉඳපු මිනිස්සුන්ට මේක ලොකූ දෙයක් වෙලා තියෙනවා ගොවියො මුලා කරගෙන පාර දිගේ අරන් ගිහිල්ලා උද්ඝෝෂණය කරන්න. ඒ උද්ඝෝෂණය කරලාත් හරියන්නෙ නෑ, ආණ්ඩු නම් පෙරළන්න හම්බුවෙන්නෙ නෑ"
අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවසුවේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගොවීන්ට නැනෝ නයිට්‍රිජන් පොහොර බෙදාදීමේ උත්සව අවස්ථාවට ඊයේ (24) එක්වෙමිනි.
(LNW)