Thursday, February 19, 2026
Follow Us
අද සිට යළි පාසල් ඇරඹෙයි

නිල ඇඳුමෙන් පැමිණීම අනිවාර්ය නෑ


දිවයින පුරා සියලු පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා වූ ප්‍රාථමික ශ්‍රේණි අද සිට යළි ආරම්භ වනවා.

මේ අතර අද දිනයේ පාසල්වලට පැමිණෙන ළමුන්ට නිල ඇඳුමෙන් පැමිණීම අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊයේ (24) සඳහන් කළා.

ඔහු සඳහන් කළේ වසරකට වැඩි කාලයක් පාසල් නොපැවැත්වුණු බැවින් මේ වනවිට බොහෝ දරුවන්ට දැනට පවතින නිල ඇඳුම් භාවිතා කළ නොහැකි බවට වාර්තා වී ඇති බවයි.

ඒ හේතුවෙන් පාසලට පැමිණීමේදී වඩාත් සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීම යෝග්‍ය බව ලේකම්වරයා සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අන්තර් පළාත් සංචරණ සීමා යටතේ වුව ද පාසල් අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා පළාත් අතර සංචරණය කිරීමට අවස්ථාව හිමිවන බවයි.

(Aruna)