Thursday, February 19, 2026
Follow Us
ඉන්දියානු පොහොර ගැන පුවත අසත්‍යයි : ජනපති ලේකම් පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

"ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට-ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා" මැයෙන් සති අන්ත පුවත්පතක පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සාවද්‍ය, අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පවසනවා.


මෙම පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව කැඳවා විධිමත් පුළුල් පරීක්ෂණයක් වහාම පවත්වන්නැයි ජනාධිපති ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ .

(Neth)