Thursday, February 19, 2026
Follow Us
හාල් ආනයනය කරන්න වුණේ ගොවියාගේ වරදින්. මං ජනාධිපති තුමාගෙන් බැණුනුත් ඇහුවා - මහින්දානන්ද

සහල් ආනයනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිදු කැමැත්තක් නොදැක්වූ අතර තමන්ට ඒ මහතාගෙන් බැණුම් ඇසීමට ද සිදුවුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

"අපි හාල් විතරක් නෙවෙයි බෝග විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා. අපි කිරිපිටිත් ආනයනය කරනවා. අපි මේවා රටේ ස්වයංපෝෂිත වනතෙක් අපට ඒකට කරන්න දෙයක් නැහැ. ඔබ දන්නවා අපි කාබනික හාල් විතරක් ආනයනය කරලා වැඩක් නෑ එහෙම නම් අපි කිරිපිටිත් ගේන්න ඕනෙ කාබනික. හාල්මැස්සොත් කාබනික ගේන්න වෙනවා, උම්බලකඩත් කාබනික ගේන්න ඕනෙ.

එනිසා අපි මේ හාල් ගේන්න කැමති වුණේ නෑ. ඇත්තටම ජනාධිපතිතුමා කැමති වුණේ නෑ මේ හාල් ආනයනය කරන්න. මං බැණුනුත් ඇහුවා. එනිසා ඒක අගහන්න ඇයි ගෙනාවෙ කියන එක. ගෙනෙන්න සිද්ධ වුණේ මම ගොවියාට ඉල්ලීමක් කළා මේ හාල් ගේන්න සුමාන දෙක්කට කලින් ප්‍රෙස් එකක් තියලා. ගොවියා වී විකුණුවේ නෑ. ගොවියා වී ටික තියාගත්තා. තමුන්නාන්සෙලා පාරට බැහැලා බක්කිවල හාල් නෑ කිව්වා. එතකොට මිනිස්සුන්ට කන්න දෙන්න දෙයක් නැත්නම් අපට ආනයනය කරන් නැතිව කරන්න දෙයක් නෑ"

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ පසුගියදා ආනයනය කළ සහල් කාබනික පොහොර යොදා නිෂ්පාදනය කෙරුණු ඒවාද යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)