අවුරුදු 16 ට වැඩි වයස් කාණ්ඩයේ පාසල් දරුවන් එන්නත් කිරීම අද සිට ආරම්භ වනවා.
මේ යටතේ එන්නත් කිරීම් සම්පූර්ණ කරන්නේ අවුරුදු 16, 17, 18 සහ 19 යන වයස් කාණ්ඩයේ පාසල් දරුවන්.
මේ වනවිටත් වයස අවුරුදු 18 - 19 වයස් කාණ්ඩයේ දරුවන් එන්නත් කිරීම ආරම්භ කර තිබෙනවා. එහි නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුයේ ඉකුත් 15 වනදායි.
අද සිට දිවයින පුරා සිදු කෙරෙන එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙලෙස අදහස් පළ කළා.
මෙහිදී දරුවන්ට ෆයිසර් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාදීම සිදුවනවා.
මේ වනවිට මෙරට පුද්ගලයින් එක් කෝටි 28 ලක්‍ෂ 50,329 දෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන්. එක් මාත්‍රාවක් පමණක් සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව එක් කෝටි හතලිස් ලක්‍ෂ 89,068 ක්.
(Neth)