Thursday, February 19, 2026
Follow Us
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ආරම්භ කරන දිනය

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්


ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ලබන 25 වැනිදා සිට යළි ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි කොමසාරිස් ජනරාල් සදහන් කළේ එක්දින සේවාව ලබාගැනීම සදහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගන්නා ඉල්ලුම්කරුවන් සඳහා සේවා ලබාදෙන බවයි.

සීමිත සේවාලාභීන් පිරිසකට බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ ගාල්ල දකුණු පළාත් කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ එලෙස ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් සාමාන්‍ය සේවා යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සදහා මේ වන විට සිදුකෙරෙන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ සදහා ඉල්ලුම්කරුවන් ලබාගත් අංක අනුව නියමිත දිනයන් වලට දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු වේ.

(Aruna)