Thursday, February 19, 2026
Follow Us
කොවිඩ් හමුවේ දරුවන් පාසල් වෙත එවීමේදී සැලකිලිමත් වන්න - යුද හමුදාපති

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ දරුවන් පාසල් වෙත එවීමේදී මව්පියන් වඩා සැලකිල්ලක් දැක්විය යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කිසියම් හෝ ආබාධයක් සහිත දරුවෙකුවේ නම් ඒ පිළිබද මව්පියන් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබදවද මෙහිදී පැහැදිලි කෙරුණා.

මේ අතර අවුරුදු 18 - 19 වයස් කාණ්ඩයේ පසුවන පාසල් දරුවන් එන්නත් කිරීම අද දිනයේ සිට ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.

එහි නියමු ව්‍යාපෘතිය ඉකුත් සිකුරාදා ආරම්භ කෙරුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.