Friday, February 20, 2026
Follow Us
රත්නපුර “වේ ගඟ " මැණික් ඉඩම් ව්‍යාපාරිකයින් අතට පත්වීම ජනපති මැදිහත්වීමෙන් නවතී

රත්නපුර “වේ ගඟ” ආශ්‍රිත ඉඩම්වල මැණික් ගැරීම සඳහා අවසර ලබාදීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් ලබන සතියේ ටෙන්ඩර් කැඳවීමට ගෙන තිබූ තීරණය අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා.

එම ටෙන්ඩර් කැඳවීම මඟින් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට රත්නපුර “වේ ගඟ” ආශ්‍රිත මැණික් ඉඩම් හිමිවීම සහ “වේ ගඟ” ආශ්‍රිතව පදිංචිකරුවන්ට සිය ඉඩම්වල මැනික් ගැරීමේ අයිතිය අහිමිවීම වැනි කරුණු සැලකිල්ලට ගනිමිනුයි ජනාධිපතිවරයා එම නියෝගය ලබාදී ඇත්තේ.

ලබන සතියේ පැවැත්වීමට නියිමිතව තිබූ ටෙන්ඩර් කැඳවීම වෙනුවට අවම ලංසු යටතේ ප්‍රදේශවාසී ජනතාවගෙන් ටෙන්ඩර් කැඳවා ඔවුන්ට අදාළ ඉඩම්වල පතල් කැණීමට අවසර ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

(Neth)