Friday, February 20, 2026
Follow Us
සංචරණ සීමා ගැන නවතම තීරණය

කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා තිබෙන පළාත් අතර සංචරණ සිමා යලි දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දිනය දක්වා බලපැවැත්වෙන පරිදි පනවා තිබු පළාත් අතර සංචරණ සීමාවන් මෙම මස 31 වෙනිදා දක්වා දීර්ඝ කිරිමට කටයුතු කර ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මේ අතර කොවිඩ් පැතිරීම වළක්වා ගැනීම සඳහා තවදුරටත් අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතවීම සහ ඒවා පිළිපැදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

දීර්ඝ නිවාඩු කාලය තුළ ඇතැම් ජනතාව පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් වෙනත් ප්‍රදේශවලට ගොස් ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

(Neth)