Thursday, February 19, 2026
Follow Us
දුම්රිය ධාවනය තවදුරටත් කල්යයි

දුම්රිය දෙපාර්තමේන්තුව හදිසියේම ගත් තීරණය


ලබන 21 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ධාවනය නැවත දැනුම් දෙනතුරු ධාවනය නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවේ දුම්රිය ධාවනය ලබන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට සදහා දන්වා තිබූ මෙහෙයුම් කාර්යා මණ්ඩලය කැදවීම අද (19) පෙරවරුවේ අවලංගු කළ බවයි.

ඒ අනුව දුම්රිය ධාවනය 21 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට කාලසටහන් සකස් කර සියලුම කටයුතු සම්පූර්ණ කර තිබුණ ද නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුම් දී ඇත.
කෙසේ වෙතත් දුම්රිය ධාවනය අවලංගු කිරීමට හේතුව මෙතෙක් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර නොමැත.

(Aruna)