ඉන්ධන මිලදී ගැනීමට ණය මුදලක් ලබා දීම සඳහා පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට ඉන්දියාවෙන් කිසිදු කොන්දේසීයක් ඉදිරිපත් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙම වසර තුළ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමෙන් පසු මීලග පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇති බවද මෙහිදී නැගුණු ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(NEth)