Friday, February 20, 2026
Follow Us
21 වැනිදා සිට දුම්රිය ධාවනය ඇරඹේ

දුම්රිය 128ක් වැඩ අරඹයි


ලබන 21 වැනිදා සිට දුම්රිය ධාවනය නිසි පරිදි ආරම්භ කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, දුම්රිය 128ක් ඒ අනුව එදින ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව මහනුවර , මාතර , බෙලිඅත්ත , ගාල්ල සහ හලාවත යන ප්‍රදේශවලට දුම්රිය ධාවනය කරන බව ඔහු ප්‍රකාශ කළා.

(Aruna)