Friday, February 20, 2026
Follow Us
ගුරුවරුන්ට දීමනා ගෙවන්න චක්‍රලේඛය නිකුත් කරයි

21 ගුරුවරුන් නාවොත් කරන දේ අධ්‍යාපන අමාත්‍යංශය කියයි

අභ්‍යාසලාභීන් 18,000ක් පාසල්වලට
වෘත්තීය ක්‍රියාමාර්ගයේ යෙදී සිටින ගුරුවරු හා විදුහල්පතිවරු මෙම 21 වැනිදා පාසල් නොපැමිණිය ද උපාධිධාරී අභ්‍යාසලාභීහු දහඅටදහසක් පාසල්වලට යෙදවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

එමෙන්ම විවෘත කෙරෙන පාසල්වලට ස්වේච්ඡා ගුරුවරුන් සහ ගුරු සහායකයන් යෙදවීමටත් සැලසුම් කර තිබේ.

මීට අමතරව කලාප කාර්යාලවල නිලධාරීන් ද පාසල්වලට යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී ඇත.

සිසුන් දෙසියයට අඩු පාසල් පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් එදින ආරම්භ කෙරේ. මුල් දින දෙකේ ඉගැන්වීම් කටයුතු සිදු නොකෙරෙන බවත් විධිමත් පරිදි පන්ති කාමරයේ කටයුතු ඊළඟ සතියේ සිට ආරම්භ කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ට ඊයේ (17 වැනිදා) පැවැසීය.
පාසලට පැමිණෙන සිසුන්ට ගැටලුවක් මතු නොවන අතර සිසුන් පාසල්වලට එවීම සම්බන්ධයෙන් කිසිදු චකිතයක් ඇති කර නොගත යුතු බවත් කී මහාචාර්යවරයා පාසල්වල අනධ්‍යයන කාර්ය මණ්ඩල එදිනට පැමිණීම අනිවාර්ය බවත් කීවේය.

පාසල් ආරම්භ කිරීම සඳහා සූදානම් බව පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුම් දී ඇතැයි ද ලේකම්වරයා කියයි.

(Aruna)