Friday, February 20, 2026
Follow Us
ඖෂධ නියාමන අධිකාරිය චන්න ජයසුමනට පවරන්න - ජයසුමනගේ කමිටුවම නිර්දේශ කරයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත ගොනු කිහිපයක් මකාදැමීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශන සිදුවෙමින් තිබෙනවා. අදාල විමර්ශනවලට අනුව පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මෙම සිදුවීම පිළිබඳව විමර්ශනය සඳහා ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක්ද පත්කළ අතර එහි සභාපතිවරිය ලෙස විශ්‍රාමික අධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය කටයුතු කරයි.

අදාල කමිටුව විසින් මෙම විමර්ශනයට අදාලව විශේෂ නිර්දේශයක් ලබා දී තිබෙනවා. කමිටුව නිර්දේශ කරන්නේ, දැනට සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඖෂධ නියාමන අධිකාරිය චන්න ජයසුමන මහතාගේ ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍යංශය වෙත පැවරිය යුතු බවයි.

(LNW)