Friday, February 20, 2026
Follow Us
ටියුෂන් පන්ති පටන් ගන්න අවසර ලැබෙනවාද?

උපකාරක පන්ති ආරම්භය ගැන ඉඟියක්


උපකාරක පන්ති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සහ උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් අතර සාකච්ඡාවක්ද (16) අරලියගහ මන්දිරයේ පවත්වා තිබේ.

නොවැම්බර් මස පළමුවනදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

කෙසේවෙතත් අද දිනයේ සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව තවදුරටත් උපකාරක පන්ති පැවැත්වීමට අවසර හිමි නොවේ.

(Aruna)