Friday, February 20, 2026
Follow Us
මුදල් වෙන් වූ ව්‍යාපෘති වසර අවසානයට පෙර නිම කරන්නැයි නිලධාරීන්ට දැනුම්දීමක්

මෙම වසර අවසන්වීමට පෙර මුදල් වෙන් වූ සංවර්ධන ව්‍යාපෘති නිම කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. අදාළ ව්‍යාපෘති සිදුනොකර වසර අවසානයේ ඊට අදාළ මුදල් යළි මහා භාණ්ඩගාරයට යැවීම පළක් නොමැති බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ තෙවැනි කාර්තුව සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීමේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

එහිදී අදහස් දක්වමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය ජූලි මාසයේ ආරම්භ කළ සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක බවයි.

මේ අතර මෙවර අයවැයෙන් සම්පූර්ණ වර්ෂයටම මුදල් වෙන් නොකරන බවත් කාර්තුවෙන් කාර්තුවට ඒ ඒ ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කර මුදල් වෙන් කර දීමට තීරණය කර ඇති බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉකුත්දා ප්‍රකාශ කළා. මුල් කාර්තුවේදි සාර්ථකත්වයක් පෙන්නුම් නොකරන ව්‍යාපෘති සඳහා නැවත මුදල් ලබා නොදීමට පියවර ගන්නා බවයි මුදල් අමාත්‍යවරයා එහිදී සදහන් කළේ.

(Neth)