සෞඛ්‍ය පුරුදුවලට අනුගත නොවුනහොත් තත්ත්වය යළි අවදානම් වෙන්න පුළුවන්
ජනතාව සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙමින් කටයුතු නොකළහොත් ආසාදිතයන් වැඩිවී යළි අවදානම් තත්වයක් ඇතිවනු ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුද හමුදාපතිවරයා පැවසුවේ කොවිඩ් වසංගතය සමහර රටවල යළි හිස ඔසවමින් සිටින බවත් එවැනි තත්වයක් ඇති නොවීමට සියලු දෙනා වග බලා ගත යුතු බවයි.
මේ හේතුවෙන් සෞඛ්‍ය නීති නීතිවලට අනුගත වෙමින් කටයුතු කරන්නැයි යුද හමුදාපතිවරයා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ වන විට මෙරට කොවිඩ් තත්ත්වය යම්තාක් දුරට පාලනය වී ඇති බව ද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.
(Aruna)