Friday, February 20, 2026
Follow Us
හරිත කෘෂිකර්මාන්තය සඳහා කාර්ය සාධක බලකායක් පත් කෙරේ

ජනාධිපති පත් කළ හරිත බලකාය මෙන්න


හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ.

ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

14 දෙනෙකුගෙන් සමන්විත එම ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතිවරයා ලෙස විජිත් වැලිකල මහතා පත්කර ඇත.

එහි සෙසු සාමාජිකයින් වන්නේ…

ලලිත් සෙනවිරත්න, කසුන් තාරක අමල්, මාලින්ද සෙනෙවිරත්න, රසික තුසිත කුමාර, ආචාර්ය බී.කේ.ජි.කාවන්තිස්ස, සමන්ත ප්‍රනාන්දු, සමුදිත කුමාරසිංහ, අජිත් රන්දුනු, එන්.එම් කලීඩ්, ශම්මි කිරින්දේ, නිර්මලා කරව්ගොඩ, චමින්ද හෙට්ටිකන්කානම්ගේ සහ නිශාන් ද සිල්වා යන මහත්ම මහත්මීන් ය.

(Aruna)