Friday, February 20, 2026
Follow Us
සහරාන් ගැන පළමු තොරතුරු දුන් කෑගල්ලේ තස්ලීම් ගැන ආණ්ඩුවේ නෙත් ඇරේ

සහරාන් ඇතුළු අන්තවාදීන් පිළිබඳ පළමුව තොරතුරු ලබාදුන් හිටපු අමාත්‍ය කබීර් හෂීම්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් තස්ලීන්, මේවනවිට මුහුණ දී සිටින අසීරුතා පිළිබඳ යළි සොයා බැලීමක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

අන්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ මොහොමඩ් තස්ලීන් මේවනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර එම ප්‍රතිකාර සඳහා මසකට රුපියල් 50,000 ක පමණ මුදලක් වැය වන බව නෙත් නිවුස් ඊයේ අනාවරණ කළා.

එම අනාවරණයත් සමගයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගේ අවධානය ඒ සඳහා යොමු වුණේ. එම කටයුතු සඳහා වෙනම කණ්ඩායමක් ද පත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

(Neth)