Friday, February 20, 2026
Follow Us
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට

පෝළිමේ ඉන්නේ නැතිව වාහන ආදායම් බලපත්‍රය ගන්නේ මෙහෙමයි


තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (15) වැනිදා සිට නැවත ආරම්භ කර තිබේ.

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ හැර අනෙකුත් වාහන සඳහා හෙට සිට ආදායම් බලපත්‍ර ලබාගත හැකි බව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය පවසයි.

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිඳවැටීම් හේතුවෙන් පසුගියදා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අතිහිටුවීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව යතුරුපැදි සහ ත්‍රිරෝද රථ හැර බස්නාහිර පළාතේ ලියාපදිංචි අනෙකුත් වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාදීම බස්නාහිර පළාත් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්, කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සිදුකිරීමට නියමිතය.

මේ අතර ඊයේ (13) දින සිට www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවිය වෙත පිවිස බස්නාහිර පළාතේ ලියාපදිංචි සියලුම වාහන සඳහා මාර්ගගත ක්‍රමවේදය (online) ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය සමග පවත්වන ලද සාකච්ඡාවට අනුව පහසුකම් සලසා දී ඇතැයි ද ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

කෙසේ වෙතත් පසුගිය 12 වැනිදා සිට කල් ඉකුත් වන ආදායම් බලපත්‍රවල කාලය ලබන දෙසැම්බර් 31 වැනිදා තෙක් වලංගු කිරීමේ තීරණය තවදුරටත් ක්‍රියාත්මක වේ.

 

Online ක්‍රමයට වාහන ආදායම් බලපත්‍රය ගන්න මෙතැනින්

(Aruna)