Friday, February 20, 2026
Follow Us
බස් ගාස්තු ඉහළ දැමීම ගැන රාජ්‍ය ඇමති කියයි

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගෙන් පොරොන්දුවක්

බස් ගාස්තු ඉහළ දැමීම සඳහා කිසිදු අදහසක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඊයේ (11) මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ඒ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා ඉදිරි කාලයේදී 25%කින් බස් ගාස්තු වැඩිවීමක් සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් මොනවාහරි තියෙනවාද ?

“නැහැ එතුමාගේ ප්‍රකාශය මම ඇහුවා එතුමා කිව්වේ යම් විදිහකින් නැවතත් ඉන්ධන මිල ඉහළ ගියහොත් බස් හිමියන් හැටියට යම් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවෙනවා කියලා. නමුත් මේවන විට එහෙම අවදානමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි බස් ගාස්තු වැඩිකරන්න අදහසක් නැහැ. ඩීසල් මිල වැඩිකරන්න අදහසකුත් නැහැ. ඊට වැඩිය පහසුයි ඩීසල් මිලේ පාඩුව ආණ්ඩුව දරාගෙන බස් ගාස්තුව වැඩි නොකර ඉන්න එක. බැරිවෙලා හරි එහෙම වුණොත් අපි ඒ පිළිබඳව සාකච්ඡා කෙරුවත් දැනට එවැනි ප්‍රශ්නයක් උද්ගතවෙලා නැහැ. “

(Aruna)