මහ බැංකුවෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරයි
ශ්‍රී ලංකාව තුල කොවිඩ් 19 වසංගතය අඛණ්ඩව පැවතීම හේතුවෙන් බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට ලබාදුන් සහන දීර්ඝ කිරීමට රජයේ ආයතන සහ අනෙක්ත් පාර්ශවයන් රැසක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලීම් කර ඇත.
ඒ අනුව ව්‍යාපාර සහ පුද්ගලයින් මුහුණ දෙනු ලබන අභියෝග සලකා බලමින් ඒ සඳහා පහසුකම් සැලසීම සඳහා කොවිඩ් 19 හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට පහත ණය සහන යෝජනා ක්‍රමය ( මින් ඉදිරියට යෝජනා ක්‍රමය ලෙස හැඳින්වෙන ) දීර්ඝ කිරීමට කටයුතු කරන ලෙස බලපත්‍රලාභී මුදල් සමාගම් හා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වලින් (මින් ඉදිරියට බැංකු නොවන මූල්‍ය ආයතන ලෙස හැඳින්වෙන ) ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අත්සනින් යුතු ලිපියක් බැංකු නොවන මූල්‍ය ආයතන වෙත නිකුත් කර ඇත.
(Aruna)