Friday, February 20, 2026
Follow Us
ගුවන් යානාවක පැමිණිය හැකි මගීන් සංඛ්‍යාවට පනවා තිබූ සීමා ඉවතට

මෙරටට පැමිණෙන ගුවන් යානාවක පැමිණිය හැකි මගීන් සංඛ්‍යාව සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. පසුගිය 07 වැනිදා සිට මෙම තීරණය ක්‍රියාත්මක වේ.

කොවිඩ් අවදානම හේතුවෙන් මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා උපරිම මගීන් 75 ක සීමාවක් පනවා තිබිණි.

ඔක්තෝබර් 07 වැනිදා සිට මෙරටට පැමිණෙන ගුවන් යානාවක ඕනෑම මගීන් ප්‍රමාණයක් රැගෙන ඒමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

ගුවන් මගීන් සඳහා පනවා තිබූ සීමා රැසක් ඔක්තෝබර් පළමුවැනිදායින් පසුව ඉවත් කළ අතර පූර්ණ එන්නත්කරණයට ලක් වූ විදෙස් සංචාරකයන්ට කිසිදු බාධාවකින් තොරව ඕනෑම ස්ථානයක සංචාරය කිරීමේ අවස්ථාවද ලබා දී තිබේ.

(LNW)