ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන්ට SMS පණිවිඩයක්
අගමැති මහින්ද රාජපක්ෂ සහ ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධාන නියෝජිතයන් අතර අද (11 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා ඇත.
මෙම සාකච්ඡාව නොපැවැත්වෙන්නේ යැයි ඊයේ (10 වැනිදා) පෙරවරුවේ එස්.එම්.එස් පණිවුඩයකින් දැනුම් දුන් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ‘අරුණ’ට පැවසීය.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අගමැති කාර්යාලයෙන් සන්ධානයට දැනුම් දී තිබුණේ ඉකුත් සිකුරාදා (08 වැනිදා) ය. සාකච්ඡාව පැවැත්වෙන බව දැනුම් දුන්නේ අගමැති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙක් බව ද ප්‍රධාන ලේකම්වරයා කීවේය.
ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව පිළිබඳව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ද පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කළ අතර ඊට පිළිතුරු වශයෙන් අගමැතිවරයා ප්‍රකාශ කළේ ගුරුවරුන් සමග ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සූදානම් බව ය.
(Aruna)