Friday, February 20, 2026
Follow Us
සරසවි සිසුන්ට අද සිට කොරෝනා එන්නත

විශ්ව විද්‍යාල සිසුන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවලදී අද සිට ආරම්භ කෙරෙනවා.

එම එන්නත්කරන කටයුතු සිකුරාදා දක්වා සිදු කෙරෙන බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ.

මෙරට විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ට තමන් පදිංචිව සිටින ස්ථානයට ආසන්නයේම පිහිටි විශ්ව විද්‍යාලය වෙත ගොස් කොරෝනා මර්දන එන්නත් ලබාගත හැකි බවයි ඔහු සදහන් කළේ.

දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යොමුකරන කණ්ඩායම් මගින් මෙම එන්නත්කරණ කටයුතු සිදු කෙරෙනවා.

විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කඩිනමින් සාමාන්‍ය තත්වයට පත්කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග වැඩිදුරටත් පැවසුවේ.

කෙසේවෙතත් විශ්ව විද්‍යාල සිසුන්ට ලබා දෙන කොරෝනා මර්දන එන්නත කුමක්ද යන්න මෙතෙක් සඳහනක් කර නැහැ.

(Neth)