Friday, February 20, 2026
Follow Us
කිරිපිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්තිවල පාලන මිල ඉවත් කළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් යන භාණ්ඩවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින්. කෙසේවෙතත් පාලන මිල ඉවත් කර ඇති භාණ්ඩ අසාමාන්‍ය මිලකට අලෙවි වන්නේ නම් ජනතාවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ.

කිරිපිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩවල නව මිල ගණන් අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

කිරිපිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්තිවලට අදාළ පාලන මිල ඉවත් කිරීමට තීරණය කෙරුණේ ඉකුත් 7 වනදා පැවති විශේෂ කැබිනට් රැස්වීමේදීයි. එම භාණ්ඩවල හිඟයක් ඇතිවීමේ අවදානම හේතුවෙන් මෙලෙස පාලන මිල ඉවත් කෙරුණු බවයි ප්‍රකාශ කෙරුණේ. කෙසේවෙතත් කැබිනට් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ කුමන හේතුවක් මත හෝ අසාධාරණ මිල වැඩිවීමකට සහ භාණ්ඩ හිඟයකට ඉඩ නොතබන ලෙසයි.

 

(Neth)