වාහන වලට ලැබෙන සහනය
මේ වසරේ අගෝස්තු 16 වනදා සිට ඔක්තෝම්බර් 29 දක්වා කාලය තුල කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට සබරගමුව පළාත් සභාව තීරණය කර තිබෙනවා.
සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන කාර්යාලය හා සියලු ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම පසුගිය පළමුවනදා සිට ආරම්භ කෙරුණා.
එසේම, වායු විමෝචන සහතික, යෝග්‍යතා සහතික මෙන්ම රක්ෂණ සහතික සම්බන්ධයෙන් පවතින කාලසීමාවන් ද දීර්ඝ කර ඇති බවයි සබරගමුව පළාත් සභාව ප්‍රකාශ කළේ.
(Aruna)