Friday, February 20, 2026
Follow Us
ඉලෙක්ට්‍රික් මෝටර් රථ සම්බන්ධයෙන් රජයේ තීරණය

වාහන ආනයනයේදී ප්‍රමුඛත්වය ලැබෙන මෝටර් රථ මෙන්න


ඉදිරි කාලය තුළ වාහන ආනයනය කිරීමට රජය තීරණය කරන අවස්ථාවල දී ඉලෙක්ට්‍රික් මෝටර් රථ ආනයනය සදහා ප්‍රමුඛත්වය ලබා දීමට රජය තීරණය කර තිබේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ර‌ටේ වායු දූෂණය අවම කරලීම සදහා මෙම තීරණය ගත් බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දරන දේශගුණික විපර්යාස සදහා විසඳුම් ලබා දෙන හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ රාජ්‍ය අමාත්‍ය අනුකමිටුව අමතමිනි.
දැනට විදුලිබලයෙන් ක්‍රියාකරන වාහනයක් විද්යුත් ආරෝපණයෙන් පසු ගමන් කළ හැකි උපරිම දුර කිලෝමීටර් 300-350ක් පමණ වන නිසා දැනට ලොව කිලෝ මීටර් 550ක් පමණ ධාවනය කළ හැකි මෝටර් රථ ආනයනය කිරීමටත්, එමෙන්ම විදුලි ආරෝපණ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීමටත් අවධානය යොමු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම පුද්ගලික අංශය මගින් විවිධ ස්ථානවල විදුලි ආරෝපණ මධ්‍යස්ථාන 400ක් පමණ තිබෙන අතර, එම සංඛයාව තවත් 350කින් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ද ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අතර මගී ප්‍රවාහණය සඳහා විදුලිබලයෙන් ක්‍රියාකරන පහත් පතුල් සහිත බස් රථ යොදා ගැනීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇතැයි ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)