Friday, February 20, 2026
Follow Us
සිමෙන්ති, කිරිපිටි, ගෑස් මිල පිළිබඳ අවසන් තීරණයට හෙට විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් හෙට (07) පස්වරු 05.00ට කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල සම්බන්ධ අවසන් තීරණය එහිදී ගැනෙනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

ඊයේ (05) රාත්‍රියේ කැබිනට් මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පවත්වා ඇති අතර ජනාධිපතිවරයා ඊට සහභාගී වී නොමැති බව සඳහන්.

ඒ අනුව විශේෂ තීන්දු තීරණ කිහිපයක්ම ගැනීම සඳහා ජනාධිපතිවරයා මෙම විශේෂ කැබිනට් රැස්වීම කැඳවා ඇති බවත් ආරංචි මාර්ග පැවසුවේය.

(LNW)