Friday, February 20, 2026
Follow Us
විදෙස් රැකියා සඳහා යන අයට හෙට සිට යුධ හමුදාවෙන් එන්නත්

විදේශ රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම හෙට සිට ආරම්භ වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. විදේශ සේවා නියුකත්ති කාර්්‍යංශය මඟින් ලබාදී ඇති ලේඛණ අනුව යුද හමුදා රෝහලේදී එන්නත් ලබාදීම සිදු කරන බවයි යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

සියලුම විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලඟම පිහිටි විශ්ව විද්‍යාලයෙන් ලබන සඳුදා සිට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

පාසැල් මට්ටමින් සිසුන් සඳහා එන්නත් ලබාදීමද ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 784 දෙනෙකු වාර්තා වුණා. යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා පැවසුවේ ඒ අතරින් වැඩි පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

 

(Neth)