Friday, February 20, 2026
Follow Us
ජනපතිගෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතුයි – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ


එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනුලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා වෙත පවසා තිබෙනවා.

වාසි අවාසි පැහැදිලි කරදී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව පවසා ඇත්තේ ඉන්දීය විදේශ ලේකම්වරයා සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීයි.

(Aruna)