පළාත් සභා යටතේ පාලනය වන සියලු පාසල් එළඹෙන 21වන දා සිට යළි ආරම්භ කිරීමට සූම් තාක්ෂණය ඔස්සේ අද (05) පෙරවරුවේ පැවැති පළාත් ආණ්ඩුකාර සංසදයේ විශේෂ සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ පවසනවා.
ඒ අනුව මධ්‍යම පළාත තුළ පිහිටි සිසුන් සංඛ්‍යාව 200 ට අඩු පාසල් 815ක් විවෘත කිරීමේ හැකියාව ඇති බව ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ ප්‍රකාශ කළා.
මෙහිදී පළාතේ සෑම මැතිවරණ කොට්ඨාශයක්ම නියෝජනය වන පරිදි අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගනිමින් සෞඛ්‍යාරක්ෂිතව පාසල් ආරම්භ කිරීමට හා පවත්වා ගෙන යාමට අවශ්‍ය විධි විධාන සැලසීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙම විශේෂ සාකච්ඡාව සඳහා දිවයිනේ පළාත් නවයෙහිම ආණ්ඩුකාරවරුන් ද , පළාත් ප්‍රධාන ලේකම්වරුන් ද , පළාත් අධ්‍යාපන ලේකම්වරු හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ද ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
(Neth)