Friday, February 20, 2026
Follow Us
පොටෑසියම් පොහොර තොගයක් අද දිවයිනට

එළඹෙන මහ කන්නය සඳහා කඩිනමින් පොහොර ලබා නොදෙන්නේ නම් සිය ගොවිතැන් කටයුතු නිසි පරිදි සිදුකර ගැනීමට නොහැකි වනු ඇතැයි ගොවීන් පවසනවා. කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතිය මෙතෙක් සාර්ථක වී නොමැති බැවින් එළඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදෙන ලෙසයි ගොවීන් ඉල්ලා සිටින්නේ.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මහ කන්නයට අවශ්‍ය පොහොර ලබන 15 වනදා සිට ලබාදීමට කටයුතු කරන බවයි. පොටෑසියම් පොහොර තොග ද අද දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

(Neth)