ඛනිජ තෙල් ඇමති කියන කතාව
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියය ම ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ඉන්දියාවට සතු වී අවසන් බව ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.
ඒ අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා, සමග තමන් හෙලිකොප්ටරයෙන් ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි බැලීමට ගිය බවට පළ වන ප්‍රකාශවලට ද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබාදුන්නා.
(Aruna)