ආරක්ෂක නිලධාරීන්ගේ වැටුප ගැන තීරණයක් ගනී
පෞද්ගලික ආරක්ෂක සේවාවන්හි සේවය කරන ආරක්ෂක නිලධාරීන්ගේ අවම මාසික වැටුප රුපියල් දහසය දහසක් (16000) දක්වා වැඩි කිරීමට තීරණය කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ඒ අනුව 2021 අගොස්තු 08 දින සිට මෙම වැටුප් පරිමාණය ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊයෙ (28දා) පෞද්ගලික ආරක්ෂක සේවාවන්හි සේවක නියෝජිතයන් කීපදෙනකු සමග පැවති සාකච්ඡාවකදීය.
(Aruna)