Friday, February 20, 2026
Follow Us
තෙල් ටැංකි සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා මිස මෙතෙක් අවසන් තීරණය ගෙන නැහැ-විදේශ අමාත්‍ය ජී එල් පීරිස්

විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ක සංකීර්ණය ඉන්දීය සමාගමකට දීර්ඝකාලීනව බදු දීම සදහා කටයුතු කරන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අදස් දක්වමින් පවසා සිටියේ, දැනට එම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා සිදු කරමින් බවත් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැති බවත්ය.

කෙසේ වුවද රජයක් ලෙස අත්තනෝමතිකව කටයුතු කිරීමට අදහසක් නැති බව ද ඔහු පැවසීය.

මේ අතර ඛනිජ තෙල් වෘත්තිය සමිති චෝදනා කරන්නේ ඉන්දීය සමාගමක් වෙත මෙම තෙල් ටැංකි සංකීර්ණය ගිවිසුමක් මගින් ලබාදීමට සූදානම් වන බවත් තෙල් ටැංකි ඉන්දීය සමාගමකට බදු දීමේ සැලැස්ම අතරතුර දැනට මෙරට ඉන්දීය තෙල් සමාගම සතු බෙදාහරින ජාලයද දීර්ඝ කාලීනව ඔවුන් වෙත පවරා දීමේ සූදානමක් ඇති බවයි.

(Lanka Leads)