Friday, February 20, 2026
Follow Us
පොදු ස්ථානවලට ඇතුළුවීමේදී කොරෝනා එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම පමාවන ලකුණු

පොදු ස්ථානවලට ඇතුළුවීමේදී කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සදහන් වන කාඩ්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමේ තීරණය තවදුරටත් ප්‍රමාද විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඉකුත්දා ප්‍රකාශ කෙරුණේ ඉකුත් සැප්තැම්බර් 15 වනදා සිට අදාළ ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට වන කාඩ්පත ඉදිරිපත් කළයුතුයි.

එහෙත් එවැනි නීතියක් එකවර ක්‍රියාත්මක කළ නොහැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

(Neth)