Friday, February 20, 2026
Follow Us
රෝහල් කිහිපයක අඩාල වු ඔක්සිජන් සැපයුම යථා තත්ත්වයට

ගෙවීම් ප්‍රමාදවීමක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු ස්ථාන කිහිපයක සිදුවූ ඔක්සිජන් සැපයුමේ බිද වැටීම යථා තත්ත්වයට පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ, ඔක්සිජන් සැපයුම සිදුකරන අදාළ සමාගම සමඟ ගැටළුව පිළිබඳ සාකච්ඡා කළ බවයි.

ඉකුත් 29 වැනිදා උදෑසන අනුරාධපුර ශික්ෂණ රෝහල හා මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඔක්සිජන් සැපයීම සිලෝන් ඔක්සිජන් සමාගම නතර කර තිබුණා. ඒ, සැපයූ ඔක්සිජන්වලට මුදල් ගෙවීම ප්‍රමාද විම හේතුවෙන්.

(Neth)