Friday, February 20, 2026
Follow Us
රට විවෘත කළත් දුරගමන් දුම්රිය සීමා කිරීමට අවදානය

රට විවෘත කිරීමේන් පසු විශේෂ කාලසටහනක් යටතේ කාර්යාල වේලාවන් වලදී පමණක් දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් දුර ගමන් දුම්රිය, නතර කරන දුම්රිය ස්ථානද සීමා කිරීමටයි අවධානය යොමුව ඇත්තේ. ඊට සමගාමීව ධාවනය කෙරෙන මන්දගාමී දුම්රිය ප්‍රමාණය වැඩි කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

දුම්රිය තුළ මගී තදබදය අඩු කිරීමට මෙන්ම කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම පියවර ගන්නා බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. අවශ්‍යතාව පරිදි දුර ගමන් දුම්රිය සඳහා අමතර මැදිරි සවිකිරීමට ද තීරණය කර තිබෙනවා.
මේ අතර මුහුදුබඩ මාර්ගයේ කොළඹට ධාවනය කෙරෙන දුම්රිය දකුණු කළුතර දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් පසු කොළඹ කොටුවේ නතර කෙරෙන්නේ ඊට පෙර තවත් එක් දුම්රිය ස්ථානයක පමණක් වනු ඇති.

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරෙන දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් පසු රාගම, මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන වල පමණක් නතර කිරීමටයි මේ වනවිට සැලසුම් කර ඇත්තේ. කෙසේ වෙතත් කළුතර හා රාගම සිට කොළඹ කොටුව හා මරදාන දක්වා ධාවනය කෙරෙන මන්දගාමි දුම්රිය ප්‍රමාණය වැඩි කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)