ඉදිරියේදී ඉන්ධන හිඟයක් ද ?
ඉදිරියේදී කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවන බව වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ප්‍රශ්නය – ඩොලර් සංචිත අඩුවෙලා නිසා ඉන්ධන ආනයනයේ අර්බුදයක් තියෙනවා. ඒ නිසා ඔක්තෝබර් මස 1 වන දා දක්වා පැනවු නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීම සිදුනොවන බව ප්‍රකාශ වෙනවා.
“ඉතාම පැහැදිලවම කිසිම ඉන්ධන හිඟයක් නෑ. ආනයනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය සතුව තිබෙනවා. ඒ නිසා ඉන්ධන හිඟයක් පිළිබඳ කිසිදු සැකයක් හෝ අනියත බියක් ලංකාවේ ජනතාව ඇති කරගත යුතු නෑ.”
(Aruna)