Friday, February 20, 2026
Follow Us
සහල් ගැසට්ටුවත් රිවස්. මිල පාලනය ඉවත් කෙරේ !

සහල් තොග සහ සිල්ලර වෙළඳාමට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊයේ (27) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර තිබුණු අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු වේ.

සහල් මිල වැඩි නොකරන්නේ නම් තමන් සහල් නිෂ්පාදනයෙන් ඉවත් වන බවට සහල් මෝල් හිමියන් විසින් පෙරේදා දිනයේදී රජයට අනතුරු හඟවා තිබිණි.

(LNW)